It கலைமகன் கவிதைகள்: පරවියන් මෙසේ කියයි..... - අපිත් පෙම් කරන්නෙමු....

செவ்வாய், 11 டிசம்பர், 2012

පරවියන් මෙසේ කියයි..... - අපිත් පෙම් කරන්නෙමු....




-මදුරාපුර ඉස්මායිල් එම්. පයිරූස්

අපි පෙම් කරන්නෙමු...
අපේ හාදය
අපේ ස්පර්ශය
අපේ අය
බකමුණන්ගේ ඇස්වලින්
බලන්නේ නැත
මිනිසුන් වාගේ.....

අපේ හාදය බලා
අපි නොදන්නා කතා ගොතා
බිංදු රාශියක් දමා
ගින්දර පත්තු කරන්නට
අප අය නොදන්නේය...
අපි - අප
මිනිසුන් වාගේ
අන්ධ ඇස්වලින් නොසිටිති...


අපි
හාද දෙන්නෙමු!
අපේ හා‍දයෙන්
මනෝහර නාදයක් එයි...
අපි බ‍දින්නෙමු
පැටවුන් හදන්නෙමු...!

නමුත්,

අපතුළ
ජාති වර්ණ භේද නැත!
අපි
අල්ලස නොගන්නෙමු
අල්ලස නොදෙන්නෙමු!

අ‍ප තුළ
එන නාදය
මිනිසුන් හට
සුන්දර නාදයක් සේ
පැතිරී යනු ඇත....

අපිව
අප
සාමූහිකයන් වෙනස් කරන්නේ නැත...කොටා ගන්නේත් නැත...

අපෙන් මිනිසුන්
ඉගෙන ගන්නට
බොහෝ දේ තිබේ...!

නමුත්,

මිනිසුන් තුළ තිබෙන
අන්ධ අදහස්
ඔවුන් තුළ
කලකිරීම ඇතිකරයි!
ඔවුන්
ඔවුන්ටම බොරු කරයි!
අප බලා සිටින්නෙමු!
සිනාසෙන්නෙමු!

අ‍පෙන් ආදර්ශ ‍රැගෙන
මිනිසුන් ඇයි
නිසි සේ ජීවත් නොවෙන්නේ?

2012/12/11 10:16              

--------------අදහස්--------------------

கருத்துகள் இல்லை:

கருத்துரையிடுக