It கலைமகன் கவிதைகள்: හැදුනුම්පත - මහ්මූද් දර්විෂ්

புதன், 1 மே, 2013

හැදුනුම්පත - මහ්මූද් දර්විෂ්

මෙය ලියගනු
මම අරාබි කාරයෙක්
මාගේ හැදුනුම්පත් අංකය 50,000
මාහට ළමයි අටදෙනක්...
ලබන උෂ්ණයේ
ලැබෙයි මට අනිත් උප්පත්තිය
ඔබ තරහද?

ලියාගනු මෙය
මම අරාබි කාරයෙක්
කම්කරු සමග
ගල් කඩන්නෙමි මා... ගල් පර මිරිකන්නෙමි මා...
මාගේ දරුවන් අටදෙනෙක්ම
රොට්ටි කෑල්ලක් ගන්නට...
නමුත්,
දයාව ඉල්ලා හිගා කන්නේ නෑ...
ඔබගේ බලය තුළ
දණ හිස ගසා මා ඉන්නේ නෑ...
ඔබ තරහද?

ලියාගනු මෙය
මා අරාබි කාරයෙක්
මාහට ගවුරවණිය නම් නැත..
වල් පොළව තුළ මා ස්ථීරවන්තයා
යුගයෙන් පසු
කාලයෙන් පසු
මාගේ මුල ගැඹුරට යයි...

ගැමි පියාගේ අපොහසත් පුතා මම...
පිදුරු නිවසේ ජීවත්‍ වෙමි
මාගේ හිස කෙස් කළුපාටයි
මාගේ ඇස් වැලි පාටයි
මාගේ අරාබි හිස් ආවරණය
ආක්රමණය කරන්නාගේ
අත් සූරනු ඇත...

සියල්ලටම වඩා
කරුණාකර මෙය ලියනු...
මා කිසිවෙකුට අප්රිාය කරන්නේ නැත..
කිසිවෙකුගෙන් මංකොල්ල කෑවේ නැත...
නමුත්,
මා බඩගින්නෙන් සිටින වේලේ
මාව මංකොල්ලා කාපු එකාගේ
මස් කමි මා....

සැලකිල්ලට ගනු....!
මාගේ බඩගින්නට
බියවී
අවධානයෙන් සිටිනු!
මාගේ කෝපයට බියවී
අවධානයෙන් සිටිනු!!

සිංහල පරිවර්ථනය - ඉස්මායිල් එම්. පයිරූස් (කලෛමහන්)




கருத்துகள் இல்லை:

கருத்துரையிடுக